brand logo

මුස්ලිම් ප්‍රජාවට හිරිහැර නොකරනු

22 June 2019

මුස්ලිම් ප්‍රජාවට සිදුවන හිරිහැර වහා නතර කරන ලෙසට මුස්ලිම් රටවල තානාපතිවරුන් රජයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. ඊට අමතරව ඔපෙක් රටවල නියෝජිතයින්ද විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා ඇත්තේ මුස්ලිම් ජනතාවට සිදුකරන වෛරී ප්‍රකාශ, බියවැද්දීම් වහා නතර කරන ලෙසයි. ඊට අමතරව එවැනි සිදුවීම් සිදු කළ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද දන්වා ඇත. මුස්ලිම් තානාපතිවරුන් පසුගිය සතියේ (12 වැනිදා) කථානායක කරු ජයසූරිය හමුවූ අවස්ථාවේදී පවසා ඇත්තේ ඇතැම් හිමිවරුන් බුදු දහමවත් හරි හැටි නොදැන කටයුතු කරන බවයි. වහබ්වාදීන් ගැන නොදැනීමත්, සිය ආගමික මූලස්ථානය වන අරාබිය සම්බන්ධයෙන් හරියාකාරව නොදැනත් ඇතැම් හිමිවරුන් කටයුතු කිරීම මගින් මුස්ලිම් ජනතාවට එල්ල වන පීඩාව වැඩි වූ බවත් ඔවුහු පවසති. එහිදී වැඩිදුරටත් මුස්ලිම් රටවල තානාපතිවරුන් පවසා ඇත්තේ ත්‍රස්තවාදයට තමන් විරුද්ධ බවත් එය මර්දනය කිරීමට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදෙන බවත්ය.
 

More News..