brand logo

මුස්ලිම් ඇමැතිවරු ඔක්කොම ඉවත් වුණේ ඇයි කියල මිනිස්සු අහනවා

08 June 2019

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා පාර්ලිමේන්තු ගියේ එදින සභාවාරයට සහභාගී වීම සඳහා ය. ඔහු යනවිට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුම පැමිණ සිටියහ. “ අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු, දළදා මාලිගාවට ගහපු කරුණා පහුගිය ආණ්ඩුවට එකතු කරගන්න කොට උපවාස නොකරපු, කෑගැහුවේ නැති හාමුදුරුවරුන් මුස්ලිම් ඇමැතිවරුන්ට විතරක් විරුද්ධ වුණ එකනෙ පුදුමෙ...’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ ය. “දළදා මාලිගාවේ මහ මළුවෙ යකා නටලා... කුණු දාලා... මිනිස්සුන්ට ගහලා... හූ කියලා... තනිකර ජෝගි මඩුවක් කළා... මේක අනුමත කරන්න පුළුවන්ද...?” නවීන් දිසානායක කීවේ ය. “මහින්ද පන්සල් අල්ලගෙන පටු දේශපාලනය කරන කොට තවත් සමහරු දළදා වහන්සේත් දේශපාලනයට ඈඳා ගන්නවා... ඒව කැත වැඩ... ඒ වගේම මුස්ලිම් ආණ්ඩුකාරවරු දෙන්නා ඉවත් වුණු ගමන්ම හාමුදුරුවො උපවාසෙ අතහැරියා... ඒ කියන්නේ රිෂාඩ්ගේ ගැටලුවක් නෑ කියන එක වෙන්න ඕනෑ...” දයා ගමගේ කීවේ ය. “මුස්ලිම් ඇමැතිවරු ඔක්කොම ඉවත් වුණේ ඇයි කියල මිනිස්සු අහනවා... මේක අගමැතිතුමා නිල අල්ලලා දීපු ගේමක් කියන අයත් ඉන්නවා...” චමින්ද විජේසිරි කීවේය.
 

More News..