brand logo

මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයෙන් පසු සීගිරියේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 70කින් පහළට

01 June 2019

පසුගියදා එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ලෝක උරුම සීගිරිය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන දෛනික ආදායම ලක්ෂ 80 සිට රුපියල් ලක්ෂ 11 දක්වා අඩුවී තිබේ. ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනකට විදේශීය සංචාරකයින් 1500කට ආසන්න ප්‍රමාණයක් හා දේශීය සංචාරකයින් 1000කට ආසන්න පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණ ඇති අතර විදේශීය සංචාරකයකුගෙන් රුපියල් 5300ක් වන අතර දේශීය සංචාරකයකුගෙන් රුපියල් 50 මුදලක් අය කෙරේ. අය කරගෙන ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින් ප්‍රමාණය 200කට ආසන්න ප්‍රමාණයකටත් දේශීය සංචාරකයින් ප්‍රමාණය 300කට ආසන්න ප්‍රමාණයක් දක්වාත් අඩුවී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අධ්‍යක්ෂ ගයාන් ආරියරත්නගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ තමන්ට ඒ පිළිබඳ තොරතුරු ලබාදීමට අවසර නොමැති නිසා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසන ලෙසයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්තගෙන් කළ විමසීමේදී පැවසුවේ මාධ්‍ය වෙත සත්‍ය ප්‍රකාශ ලබාදීමට කිසිදු තහනමක් නොමැති බවයි. රංජිත් ගුණවර්ධන
 

More News..