brand logo

මුසම්මිල් CIDයට

29 January 2019

ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. සිද්ධියට අදාලව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් ද ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේය. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සිදුකළ හෙලිදරව්වක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.
 

More News..