brand logo

මුව ආවරණ ටොන් 6000ක් මුහුදට

07 January 2021

ඉකුත් වසරේ (2020) මුව ආවරණ කෝටි එකසිය පනස් හයකට අධික ප්‍රමාණයක් සාගරයට එකතු වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි. මුහුදට එකතු වී තිබෙන මුව ආවරණ තොගයේ බර ටොන් හාරදහස් අටසිය හැටත් හයදහස් දෙසිය හතළිහත් (4860-6240ත්) අතර වන බවද ඔහු කීවේය. මේ අනුව මීටර් 100ක වෙරළ තීරයට දළ වශයෙන් මුඛ ආවරණ 70ක් පමණ එකතු වී තිබෙන බවට ගණන් බලා ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා කියයි. මුව ආවරණවලට අමතරව එක්වරක් පමණක් භාවිත කරන පොලිතින්, ප්ලාස්ටික් ආදියද මුහුදට බැහැර කරන ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. කොට්න් බඩ්, බීම බට, යෝගට් හැඳි ආදිය දිරාපත් වීම සඳහා වසර 100 සිට 800 දක්වා කාලයක් ගතවන බවද ඔහු සඳහන් කරයි. එක්වරක් පමණක් භාවිත කර ඉවතලන පොලිතින්, ප්ලාස්ටික් වෙනුවට පරිසරයට හිතැති විකල්ප දෑ නිෂ්පාදනය කිරීම පිළිබඳව අවධානය යොමුවිය යුතුව ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..