brand logo

මුල්ලිවයික්කාල් කැඩූ ස්මාරකය නැවත ඉදිකිරීමට යයි

11 January 2021

    දැඩි කතා බහට ලක්වූ යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබු යුද ස්මාරකය ඉවත් කිරීමට විරෝධය පළකරමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ මරාන්තික උපවාසයට සහය පළකරමින් අද (11) හර්තාලයක් ආරම්භකර ඇත. ඒ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සහ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල ඉල්ලී අනුව බව පැවසේ. කෙසේ උවත් සැමරුම් ස්මාරකය නැවත ඉදිකිරීමට අද (11) පෙරවරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දුන් පොරොන්දුව අනුව සිසුන් උපවාසය නැවතීමට තීරණය කර තිබේ. පැවති ස්මාරකය 2018 වසරේ දී පමණ ඉදිකළ එකක් වන බව පැවසෙනවා.
 

More News..