brand logo

මුලතිව් සෙල්වපුරම් වෙරළෙන් LTTE කොඩි මතුවෙයි

19 December 2018

මුලතිව්,සෙල්වපුරම් වෙරළ සීමාවේ තිබි එල් ටි ටි සංවිධානයට අයත් කොඩියක් ඊයේ(18) හමුවි ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසති. මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ ප්‍රදේශයේ ධීවර ජනතාව අදාළ කොඩිය දැක ආරක්ෂක අංශ වෙත දැනුම්දීමෙන් අනතුරුව අදාළ කොඩි සොයාගෙන ඇති බවයි. මුලතිව් වෙරළ කලාපයේ සාගර ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙරළේ තිබු කසල සේදී ගොස් ඇති අතර,ඒ තුළ තිබි අදාළ කොඩිය වෙරළට ගසාගෙන එන්නට ඇති බව ආරක්ෂක අංශ සැක පළ කරති. ‍සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිස් නිළධාරීන් පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..