brand logo

මුලතිව් වෙරළට ගොඩගැසු ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි

01 January 2019

මුලතිව් වලෙන්චර්මඩම වෙරළ තීරයට ගොඩගසා තිබු ඉන්දීය ධීවරයින් පිරිසකට අයත් බෝට්ටුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පවසති. අදාළ බෝට්ටුව 30 වැනිදා රාත්‍රියේ වෙරළ සීමාවට පැමිණ තිබු අතර මුලතිව් ධීවරයින්, ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් හා ආරක්ෂක අංශ ‍එක්ව බෝට්ටුව වෙරළට ඊයේ(31) රැගෙන එනු ලැබීය. බෝට්ටුව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ලියාපදිංචි වි ඇති අතර අංක 10525/Gh3/MC නමින් අදාළ බෝට්ටුව ලියාපදිංචි වි ඇති බවද ධීවර පරීක්ෂක නිළධාරීන් පැවසීය. බෝට්ටුව තුළ තිබි ජංගම දුරකථනයක්, ධීවර ආම්පන්න තොගයක් හා ඉන්ධන පිරවුම් බෝතල් තොගයක්ද හමුවි ඇති බවද ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පැවසීය. අදාළ බෝට්ටුව මසුන් ඇල්ලීමට පැමිණි අවස්ථාවේ අනතුරට ලක්ව ඇති බව මුලතිව් ධීවරයින් විශ්වාස කරන අතර, බෝට්ටුවේ සිටි ධීවරයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අනාවරණයක් නොමැත. මුලතිව් නාවික නිළධාරීන් අදාළ ප්‍රදේශය පරීක්ෂා කිරීමකට ලක්කළ අතර තොරතුරක් නොමැති බව නාවික නිළධාරීන් පැවසීය. මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පැවසූවේ බෝට්ටුව ලියාපදිංචි දත්ත ඔස්සේ බෝට්ටු‍වේ පැමිණ ධීවරයින් සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිත බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් හා මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.   වවුනියාව - මාධව කුලසූරිය
 

More News..