brand logo

මුලතිව් මුහුදේ ගිලිණු පියාගේ මළ සිරුර සොයාගනියි - පුතාගේ සිරුර තවමත් හමුවි නෑ

30 December 2019

මුලතිව්,නයාරු සාගර තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේ ඊයේ (29) දහවල් දියේ ගිලීමෙන් අතුරුදහන්වු පියාගේ මළ සිරුර අද(30) හමුවු බව මුලතිව් පොලිසිය පවසයි. මුලතිව් පොලිසිය පැවසුවේ කැළණිය දළුගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් විනෝද චාරිකාවක් පැමිණි අවස්ථාවේ මුලතිව් නයාරු සාගර කලාපයේ දිය නෑමට ගිය අවස්ථාවේ අතුරුදහන්ව ඇති බවයි. අතුරුදහන්වු වයස අවුරුදු 55 ක් වු වරුණ ගමගේ නමැත්තාගේ මළ සිරුර හමුව ඇති අතර, අතුරුදහන්වු වයස අවුරුදු 16 ක් වු ලබිදු ගමගේ නමැති පුතාගේ මළ සිරුරු සොයා පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසුවේ පියාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ‍ වෙනුවෙන් මුලතිව් රෝහලේ තැන්පත් කොට ඇති බවයි. නාවික හමුදාව,පොලිසිය හා ප්‍රදේශවාසීන් අතුරුදහන්වු පුතාගේ සිරුර සොයා පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පැවසීය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..