brand logo

මුලතිව් දේවිපුරම් ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

07 June 2019

මුලතිව්,‍පුදුකුඩිඉරිප්පු,දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි අත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(06) සවස ගොඩගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ අත්බෝම්බ දෙකක්, ආර්.පි.ජි.උණ්ඩයක්,පතුරම් තොගයක් හා යකඩ කැබලි තොගයක් එලෙස සොයාගත් බවයි. අදාළ ගෙවතු හිමියන් ළිඳ පිරිසිදු කරන අවස්ථාවක අදාළ උපකරණ දැක අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ අදාළ පුපුරණ ද්‍රව්‍ය ගොඩගත් බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ යුධ සමයේ එල් ටි ටි සංවිධානය පළායන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිඳට දමා යන්නට ඇති බව සැක පළ කරන බවයි. ළිඳ තුළ තිබි යතුරුපැදි කොටස් කිහිපයක්ද ගොඩගෙන ඇති බව පොලිසිය සදහන් කළේය. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..