brand logo

Update : මුලතිව් විහාරාධිපති හිමියන්ගේ ආදාහනය බොදු බල සේනාව ඇතුළු හිමිවරුන් මැදිහත්ව විහාර භූමියේම සිදු කරයි

23 September 2019

මුලතිව් ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මුලතිව් අධිකරණ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන් ආදාහන පූජොත්සවය විහාර භූමියේම සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් පියවර ගෙන ඇත. මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි අතර මුලතිව් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්‍රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති බැවින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට කටයුතු කර ඇත. මෙම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට පැවසිය. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහන පූජෝත්සවය නයාරු වෙරළේ - ගලගොඩඅත්තේ ඥානසාර හිමිත් පැමිණේ

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23දා) දින නියෝග කර ඇත. එම ප්‍රදේශයේ මහජන සාමය ආරක්ෂා වන අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මුලතිව් පොලීසිය වෙතට නියෝග කර ඇත. මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම ප්‍රදේශයට වැඩමකරමින් පවසා සිටියේ අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මෙම අදාහන කටයුතු සිදු කරන බවය.    
 

More News..