brand logo

මුලතිව් ආරක්ෂක අංශ සතුව තිබු ඉඩම් අක්කර 52.14 ක් නැවත පවරාදෙයි

19 December 2018

මුලතිව් ආරක්ෂක අංශ කදවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14 ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස නැවත පවරාදීම ඊයේ(18) සවස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත අදාළ ඉඩම් නැවත පැවරීම සිදුකෙරිණ. මුලතිව් උප්පුමාවේලි ප්‍රදේ‍ශයේ අක්කර 10.05 ක්, මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 10 ක්, මුලතිව් වට්ටාපලෙයි ප්‍රදේශ‍යේ අක්කර හයක් ඇතුළුව ඉඩම් අක්කර 52.14 ක් එලෙස නැවත පැවරීම සිදුකරනු ලැබීය. උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් දෙසැම්බර් 31 වැනිදාට පෙර නැවත සිවිල් ජනතාව වෙත පැවරීමේ වැඩසටහන යටතේ අදාළ ඉඩම් නිදහස් කොට තිබිණ. වැඩසටහනට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධානය කළ නත්තල් උත්සවයද පැවැත්විණ. වැඩසටහන් අවස්ථාවට මුලතිව් ආරක්ෂක අංශ උසස් නිළධාරීන්,ප්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයින්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..