brand logo

මුලතිව්හිදී හමුදා ජීප් රථයක් අනතුරට ලක්වෙයි - සෙබළෙකු මරුට - 9කට තුවාල

14 July 2019

මුලතිව් වාට්ටපලෙයි ප්‍රදේශයේදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබළෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ සෙබළුන් ගමන් ගත් ජීප් රථය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අනතුරට ලක්වූ බවයි. මෙලෙස අනතුර ලක්ව ඇත්තේ නිවාඩු ලබා නිවෙස් කරා පැමිණෙමින් සිටි සෙබළුන් පිරිසකි. තුවාල ලැබූවන් මුලිතිව් රෝහලේ ප්‍රතිකාර ලබන බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..