brand logo

මුලතිව්හිදී මුතු තල්මසෙකු ධීවර දැළකට හසුවෙයි

12 June 2019

මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධිවර දැළකට හසුවු මුතු තල්මසෙකු ඊයේ(11) සවස නැවත සාගරයටම මුදාහළ බව මුල්ලිවයික්කාල් ධීවරයින් පවසති. මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එළන ලද දැළකට විශාල මාළුවෙකු හසුවි තිබු අතර, දැළ වැල්ලට ගැනීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි. තල්මසා දැළට පැටලී සිටි බැවින් තල්මසා දැලින් ඉවත්කොට නැවත සාගරයටම මුදාහළ බව ධීවරයින් පැවසූහ. මුලතිව් සාගර කලාපයේ තල්මසුන් මීට පෙරද දැල්වලට හසුව සාගරයට මුදාහළ බව ධීවරයින් සදහන් කළහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..