brand logo

මුරලි සිය සහෝදරයාගේ දේශපාලන වේදිකාවට නගී

02 July 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තම සහෝදරයා ජනතාවට සේවය කිරීම සදහා දේශපාලනයට යොමු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන තම සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතාගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි. තමන් දේශපාලනයට අකමැති වුවත් වැඩ කරන නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව තම සහෝදරයා මැතිවරණයට ඉදිරිපත් කරන බවද මුත්තයියා මෙහිදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන් මහතා.... මම එතනදි කිව්වා සර් මට ඇත්තටම දේශපාලනය ගැලපෙන්නේ නැහැ. මම ක්‍රීඩකයෙක් ඒ වගේම මම මිනිස්සුන්ට උදව් කරන්න තමයි ආස. පුළුවන් නම් මට උදව්වක් වශයෙන් ඔයා තරග කරන්න කියලා කිව්වා. එතකොට මම කිව්වා සර් මට කොහොමත් දේශපාලනය හරියන්නේ නැහැ. මට අමාරුයි කිව්ව ගමන් එයා මුහුණේ හිනාවක් තියාගෙන කේන්තියෙන් කිව්වා , ඔයාලා දිනුවට පස්සේ මාත් එක්ක හොද කට්ටිය වැඩකළේ නැත්නම් මේ රට ගොඩගන්න බැහැ. එතකොට කොහොමද මම හොද අයව අරගෙන යන්නේ කියලා. සර් එහෙනම් මගේ ලාබාල මල්ලි හරි දක්ෂයා එයාව ඉස්සරහට දාලා මම පිටිපස්සේ ඉදලා වැඩකරන්නම්. එතකොට එයා සන්තෝස වුණා. ඒ හින්දා තමයි අපි අද මේ තැනට ආවේ. ඇත්තටම අපිට දේශපාලනයට එන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඔ්න තරම් සල්ලි තියෙනවා, සමාගම් තියෙනවා. ඒ වගේම මුළු ලෝකයම හදුනන නමක් තියෙනවා. සමහරක් අය දේශපාලනයට එන්නේ සල්ලි හොයාගන්න, සමහරක් අය එන්නේ නම හදාගන්න. අපිට ඒ දෙකේම අවශ්‍යතාවය නැහැ. මොකද අපිට සේවය කරන්න ඔ්නේ කොයි අතින් හරි.  
 

More News..