brand logo

මුරලිගේ පියා ගෙන් කුණ්ඩසාලේට තෑග්ගක්

03 December 2021

ලබන 5වැනිදා කුණ්ඩසාලේ ජනතාවට ලැබෙන තෑග්ග

කුණ්ඩසාලේ නගරයේ ලෝක පූජිත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නමින් ඉදිවන ක්‍රීඩාංගණයේ ව්‍යාපෘති කඩිනම් කරමින් තවත් අදියර දෙකක වැඩ අවසන් කරමින් ලබන 05වැනිදා සවස 5.30ට ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සින්න සාමි මුරලිදරන් ප්‍රමුඛ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිතය.

මුරලිගේ පියාණන් වූ සින්න සාමි මුත්තයියාගේ පූර්ණ අනුග්‍රහයෙන් සහ කුණ්ඩසාලේ ක්‍රීඩා සංගමයේ සාමාජිකයන්ගේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙසින් ක්‍රීඩාංගණයේ පිවිසුම් පරිශ්‍රය සහ ගෘහස්ත ගොඩනැගිලි ජනතා අයිතියට භාර කිරීම හෙට දිනයට යෙදී ඇති අතර සෙසු ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.
 

More News..