brand logo

මුම්බායි පිල අයි.පී.එල් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

08 May 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (07) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුළු 6කින් පරාජයට පත්කීමත් සමගය. මෙම තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 131ක් ලබාගැනීමට සමත්විය. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් අම්බටි රායඩු නොදැවී ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී මුම්බායි පිල වෙනුවෙන් රාහුල් චාහාර් කඩුළු 2ක් දවාගත් අතර, හර්ඩික් පාණ්ඩ්යා සහ ජයන්ට් යාදේව් එක් කඩුල්ල බැගින් දවා ගත්තේය. අනතුරුව පිටියට පැමිණි මුම්බායි පිල පන්දුවාර 18යි පන්දු 3කදී කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 132ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය. මුම්බායි පිල වෙනුවෙන් සූර්යකුමාර් යාදේව් නොදැවී ලකුණු 71ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ඉම්රාන් තාහීර් කඩුළු 2ක් දවාගත් අතර, දීපක් චාහාර් සහ හර්බජන් සිං එක් කඩුල්ල බැගින් දවා ගත්තේය. මුම්බායි කණ්ඩායමේ සූරියකුමාර් යාදේව් මෙම තරගයේ වීරයා බවට පත්විය.

මෙම තරඟයේ විශේෂ අවස්ථාව මෙතනින් බලන්න

 

More News..