brand logo

මුම්බායි චෙන්නායි සටන අද - මහේල කතාකරයි

03 April 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගය අද මුම්බායි හි වන්කඩේ පිටියේදී පැවැත්වීමට නියමිතය. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරය. මෙම තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට වැදගත් තරගයක් වේ. ඊට හේතුව මුම්බායි කණ්ඩායම සහභාගි වූ තරග තුනෙන් දෙකක්ම පරාජයට පත්වීමය. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග 3කට සහභාගි වී එම තරග 3ම ජයගෙන තිබේ. එක් තරගයක් පමණක් ජයගෙන ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙම තරගය ජය ගැනීම සදහා පන්දු යවන්නන් හරහා අලුත්ම සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන පවසයි. මේ ඒ පිළිබදව මහේල වැඩිදුරටත් දැක්වූ අදහස.... https://youtu.be/ZI6YrpUP4AI   https://youtu.be/4ga5Yh_0fgU
 

More News..