brand logo

මුම්බායි කණ්ඩායම ලසිත් මාලිංගව හළයි

28 March 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය අද පැවැත්වීමට නියමිතය. ඒ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමගය. මුම්බායි කණ්ඩායම තරගවදින අද තරගයට සහභාගිවීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියාව බලාපිටත්ව ගිය ද, ඔහු අද පැවැත්වෙන තරගය සදහා මුම්බායි කණ්ඩායමට ඇතුළත් කර ගෙන නොමැති බවට තොරතුරු වාර්තා වේ. එරටින් ලැබෙන තොරතුරු වලට අනුව ජස්ප්‍රිට් බුම්රා නැවත මුම්බායි කණ්ඩායමට අද දිනයේ ක්‍රීඩා කිරීමට නියමිතය. මේ හේතුවෙන් ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම තරගවදින මීළග තරගය සදහා කණ්ඩායමට කැදවීමට සැළසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ අතර අද තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. Royal Challengers Bangalore: 1 Virat Kohli (capt), 2 Parthjv Patel (wk), 3 Moeen Ali, 4 AB de Villiers, 5 Shimron Hetmyer, 6 Shivam Dube, 7 Colin de Grandhomme, 8 Navdeep Saini, 9 Yuzvendra Chahal, 10 Umesh Yadav, 11 Mohammed Siraj Mumbai Indians: 1 Rohit Sharma (capt), 2 Quinton de Kock (wk), 3 Suryakumar Yadav, 4 Yuvraj Singh, 5 Kieron Pollard, 6 Hardik Pandya, 7 Krunal Pandya, 8 Ben Cutting, 9 Mitchell McClenaghan, 10 Rasikh Salam, 11 Jasprit Bumrah ලසිත් මාලිංගව බැංග්ලූර්හිදී පිළිගත් ආකාරය පහතින් බලන්න... https://youtu.be/YIRAjmPKDyM
 

More News..