brand logo

මුදල් ලබා දෙන්නැයි ඉල්ලා දඹුල්ලේ ලොකු ළූණු බීජ ගොවීන් විරෝධතාවයක

11 December 2018

රජයට ලබා දුන්නු ලොකු ළූණු බීජ වලට මුදල් ලබා දෙන්නැයි ඉල්ලා දඹුල්ලේ ලොකු ළූණු බිජ ගොවීන් ඊයේ (10) දින දඹුල්ල නගර මධ්‍යයේ දී විරෝධතාවයක නිරත වූහ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු දේශීය ලොකු ලූනු බීජ ගොවීන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබිණි. දඹුල්ල ගම්මුදාව භූමියේ සිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් ප්‍රධාන මාර්ගය දිගේ ගමන් කළ ලොකු ලූනු බීජ ගොවීහු දඹුල්ල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වී පසුව දඹුල්ල නිශ්ශංක මාවතේ පිහිටි කෘෂිකර්ම සහකාර අධ්‍යක්ස කාර්යාලයට පැමිණ එහි නිලධාරීන් ඊට අදාළ සංදේශයක් භාර දීමට කටයුතු කළහ. විරෝධතාකරුවන් කියා සිටියේ මීට මාස 7කට පමණ ඉහත දී රජයේ සහන වැඩපිළිවෙළ යටතේ දේශීය ලොකු ලූනු බීජ රජයට ලබා දුන් බවය. එහෙත් එම ලබාදුන් බීජ සඳහා රජය මගින් වෙනත් ගොවීන් පිරිසකට චෙක්පත් ලබාදීම සිදුකරන බවත් එම චෙක්පත් ලබාදීම අත්හිටුවා බීජ අලෙවි කළ ගොවීන්ට ඒවා ලබාදෙන්නැයි ඔවුහු පැවසූහ. විරෝධතාකරුවන් කාර්යාලයට යන අවස්ථාවේදී ඔවුන්ගේ ලොකු ලූනු බීජ වලට වෙනත් පිරිසකට චෙක්පත් නිකුත් කරමින් සිටීම විශේෂත්වයකි. කාර්යාලයේ සිටි නිලධාරිනියකට සංදේශයක් භාර දුන් නාමල්ක රුණාරත්න මහතා එහි නිලධාරීන්ට ගෙන් ඉල්ලීමක් කර සිටියේ වහාම මෙම චෙක්පත් ලබාදීම නවතා දේශීය ලොකු ලූනු බීජ ගොවීන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙසය. එහි නිලධාරීන් එම චෙක්පත් නිකුත් කිරීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගැනීම ද විශේෂත්වයකි. පසුව මාධ්‍ය ඇමතූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ දේශීය ලොකු ලූනු බීජ වගා කරුවන් රවටමින් රජය බොරු පොරොන්දු ලබාදී අවසානයේදී බීජ ලොකු ලුණු ගොවියා ලුණු අල ගොවියා අතර ගැටුමක් නිර්මාණය කළ බවය .ගොවීන් ගොවීන් අතර කිසිදු ගැටුමක් නොතිබුණු අතර පාර්ලිමේන්තුවේ මෙන්ම ගොවීන් ගොවීන් අතර ගැටුම ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පසුගිය ආණ්ඩුවෙන් බව හෙතෙම චෝදනා කළේය. මේ වන විට ආණ්ඩුවක් නොමැති නිසා එදා ගොවියා ගේ ලොකු ලූනු බීජ ලබා ගැනීම මේ වන විට මුදල් ගෙවීම් පැහැර හැර තිබෙන අවස්ථාවේදීත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වරයාව සිටින නිසා වහාම මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතුව තිබෙන බවය එසේ නොකරන්නේ නම් දේශීය ලොකු ලූනු බීජ ගොවියා සමග මෙම ප්‍රශ්නය විසඳීම සඳහා වෙනත් තදබල විකල්පයකට යන බව හෙතෙම සඳහන් කළේය. දඹුල්ල කාංචන කුමාර ආරියදාස
 

More News..