brand logo

මුදල් ලබාගැනීම පහසු කිරීමට කොමර්ෂල් බැංකුව ඇඳිරිනීතිය තිබෙන ප්‍රදේශවල ජංගම බැංකු රථ යොදවයි

16 April 2020

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි ඇඳිරි නීතිය දමා තිබෙන ප්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසුකරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ. මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වන ප්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ් අඩවිය, Facebook පිටුව සහ Instagram පිටුව මාර්ගයෙන් ගනුදෙනු කරුවන්ට දැනුම් දෙන බව බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුවේ ‘Bank-on-WheelsZ ඒකක මගින් ඉතාමත් පහසුවෙන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් සහ පාස්පොත මගින් මුදල් ආපසු ලබාගත හැකි අතර බැංකු කවුළුවකින් කරන මූලික බැංකු ගනුදෙනුද කළ හැකිවේ. මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන ප්‍රදේශවල පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා පැය තුනක කාලයක් අත්‍යවශ්‍ය ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බවයි. මේ සමගම ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල ගිණුම් හිමියන්ගේ හදිසි අවශ්‍යතාවන් සඳහා කොමර්ෂල් බැංකුවේ ශාඛා කිහිපයක් විවෘතව තබා ඇත.
 

More News..