brand logo

මුදල් අමාත්‍යාංශයටත් කොරෝනා යයි

01 January 2021

කොවිඩ් - 19 වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ කටයුතු අඩපණ වී ඇත. අධ්‍යක්ෂවරුන් තිදෙනකුට වයිරසය ආසාදනය වීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මේ වන විට වසා දමා ඇති අතර අනෙක් දෙපාර්තමේන්තු මට්ටමින් අහඹු පී.සී.ආර්. පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස අහඹු පී.සී.ආර්. පරීක්ෂණ ආරම්භ කරමින් පෙරේදා දිනයේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජෛව සාම්පල ලබාගත් පුද්ගලයන් 5 දෙනකුගෙන් 4 දෙනකුටම වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග සමස්ත අමාත්‍යාංශයම කැලඹීමට ලක්ව ඇතැයි වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් අමාත්‍යාංශ පරිශ්‍රය මුළුමනින්ම වසා දැමීමට තවමත් තීරණයක් ගෙන නැතැයි එහි ඉහළ නිලධාරියකු ‘අරුණ’ ට පැවැසීය. මේ අතර අද දිනයේ (01) උත්සවාකාරයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ වර්ෂ ආරම්භයේ කෙරෙන අමාත්‍යාංශ සේවක ප්‍රතිඥා ලබාදීමේ කටයුත්ත සේවකයන් සුළු පිරිසක් සහභාගී කරවාගෙන් ‘සුළුවෙන්’ පැවැත්වීමට තීරණය කර ඇතැයිද අදාළ නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. නයන තරංග ගමගේ
 

More News..