brand logo

මුදලට රටට සේවය කරන්න සූදානම් නෑ - කරොත් කරන්නෙ නොමිලේ (භාතිය ජයකොඩි)

15 January 2020

ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර ඇති බවට මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් භාතිය ජයකොඩිගෙන් 'අරුණ' කළ විමසීමකදී කියා සිටියේ ඔවුන්ට තවමත් කිසිම ආරාධනාවක් නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු කාරණයක් නොදන්නා බවත්ය. එමෙන්ම එවැනි තනතුරක් සඳහා ආරාධනා ලබුනහොත් කිසිම වැටුපක් නොගෙන තමන් රට වෙනුවෙන් සේවය කිරීමට කටයුතු කරන බවද භාතිය සඳහන් කළේය.
 

More News..