brand logo

මුතුහෙට්ටිගමගේ දියණිය ගමන් ගත් රථය අධිවේගී මාර්ගයේදී පෙරලෙයි

21 October 2019

ගාල්ල සිට කොළඹ දෙසට ගමන්ගත් වාහන 6ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අද(21) අනතුරට ලක්ව ඇත. එම අනතුරට ලක්වූ රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ දියණිය ගමන්ගෙන ඇති බවට වාර්තා වෙයි. දියණිය සමග මෝටර් රථයේ ගමන්ගත් සේවිකාවක තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම අනතුර සිදුව ඇත්තේ ජීප් රථයක් වම්පස ආරක්ෂක වැටෙහි ගැටීමෙනි. බත්තරමුල්ලේ සිට කාර්යාල සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක ද ගැටී ඉදිරියෙන් තිබු මන්ත්‍රී දියණිය ගමන්ගත් මෝටර් රථය පෙරළී ඇත. ඊට පිටුපසින් පැමිණි වෑන් රථයක් සහ මෝටර් රථයක්ද එහි ගැටී අනතුරට ලක්ව තිබේ.
 

More News..