brand logo

මුතුරාජවෙල හෝටලයක් හදන්න යයි

24 September 2020

හෝටලයක්, මහාපරිමාණ ගොල්ෆ් ව්‍යාපෘතියක් ඇතුළු ව්‍යාපෘති කීපයක් සඳහා ව්‍යාපාරිකයකු මුතුරාජවෙල අභයභූමි කලාපයේ ඉඩම් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරතව ඇතැයි හෙළි වේ. එම ව්‍යාපාරිකයා මෙම වගුරු බිමේ තැන් තැන්වල ‘ඇතුළුවීම තහනම්’ බවට පුවරු පවා සවිකර ඇති බවත් පරිසරවේදීහු සඳහන් කරති. මෙම පුවරු සවිකර ඇත්තේ පෙරේදා (22 වැනිදා) බවද කියයි. මුතුරාජවෙල මෙම ව්‍යාපෘතිය සඳහා එම ව්‍යාපාරිකයා මධ්‍යම පරිසර අධිකාරියේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගැනීමට නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. මුතුරාජවෙල තෙත් බිමට අයත් ඉඩම් කීපයක්ද මෙම ව්‍යාපාරිකයා අනවසරයෙන් අල්ලාගෙන ඇතත් මෙම කටයුතු පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ප්‍රකාශ කරයි. මෙම පරිසර හානිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ ඒ පිළිබඳව තමා නොදන්නා බවය සාලිය කුමාර ගුණසේකර
 

More News..