brand logo

මුතුරාජවෙල අභය භූමි කලාපයේ ගින්නට හේතුව හෙළි වෙයි

21 February 2020

මුතුරාජවෙල අභය භූමි කලාපය තුල ගින්නෙන් අභය භූමි කලාපයේ අක්කර හතරක පමණ කඩොලාන පරිසර පද්ධතියට දැඩි ලෙස හානිවී ඇතැයි පරිසර හා සොභදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසීය. ජා ඇල / ඒකල / වත්තල ආදි ප්‍රාදේශිය සභා විසින් අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේ මෙම පරිසර පද්ධතියටය. මුතුරාජවෙල ඉඩම් මංකොල්ලකෑමේ අරමුණින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බව අනාවරණය වන බව ද ඔහු සඳහන් කළේය. ජා ඇල / ඒකල / වත්තල ආදි ප්‍රාදේශිය සභා විසින් අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේ මෙම පරිසර පද්ධතියටය. මුතුරාජවෙල ඉඩම් මංකොල්ලකෑමේ අරමුණින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බව අනාවරණය වන බව ද ඔහු සඳහන් කළේය. කොළඹ / ජා ඇල / ඒකල / වත්තල නායක්කන්ද හා අවට ප්‍රදේශ රැසක ගංවතුර පාලනයට ඇති එකම භූමිය වන්නේ මුතුරාජවෙල අභයභූමි කලාපයයි. හෙක්ටයාර් 1. 777 ක භූමි ප්‍රදේශයක් 1996 වසරේදී මුතුරාජවෙල ආරක්ෂිත අභය භූමිය ලෙස නම් කරන ලදී. මෙහි කුරුළු විශේෂ 122 ක් ජිවත් වෙයි   සාලිය කුමාර ගුණසේකර
 

More News..