brand logo

මී උණ රෝගීන් ඉහළට

07 June 2021

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් මී උණ රෝගින් 2760 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශය කියයි. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තාවලට අනුව ජනවාරි මාසයේ රෝගින් 496 දෙනකු, පෙබරවාරි මාසයේ මී උණ රෝගීන් 487දෙනකු, මාර්තු මාසයේ රෝගින් 797 දෙනකු, අප්‍රේල් මාසයේ රෝගීන් 725 දෙනකු, මැයි මාසයේ රෝගීන් 247 දෙනකු සහ ජූනි මස ගතවූ දින හයට රෝගීන් 9 දෙනකු වාර්තා වී තිබේ. එසේම වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලිනි. උණ, මස්පිඬු වේදනාව, හිසරදය, ඇස් තද රතු පැහැවීම, වමනය, මුත්‍රා තද කහ පැහැවීම, මුත්‍රා සමග ලේ යෑම, මුත්‍රා යෑම අඩුවීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. වරුණි පෙරමුණ
 

More News..