brand logo

මීළඟ එන්නත්කරණ වැඩසටහන් රත්නපුරයට සහ යාපනයට

28 May 2021

එන්නත්කරණ වැඩසටහන් මීළඟට රත්නපුරය සහ යාපනය දිස්ත්‍රික්කයේ අරඹන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. සෞඛ්‍ය අංශවල නිර්දේශ පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ පවතින කොවිඩ් අවදානම මතය. මේ අනුව බස්නාහිර පළාතෙන් ඇරඹු එන්නත්කරණ වැඩසටහන ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කර තිබෙන අතර ඒ අනුව එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 1,503,635ක් ය. මේ අතර ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබේ. එසේම එන්නත් ලබාගැනීමේදී අනවශ්‍ය ලෙස පොදි ගැසෙමින් කටයුතු නොකරන්නැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි .
 

More News..