brand logo

මීළඟ විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ රාජිතට

31 May 2019

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සියලුමදෙනාගේ වත්කම් බැරකම් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. අද (31) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසු අතර චෝදනා එල්ල වෙන බොහෝ දෙනෙකුගේ වත්කම් බැරකම් මැතිවරණ කොමාසාරිස්වරයා ළඟ තිබේන බවත් තේරීම් කාරක සභාවක් පත් කරමින් සිදු කරන්නේ කල් මැරීමක් බවද ඔහු ප්‍රකාශ කළේය. මේ වනවිට පොලීසිය මඟින් රිෂාඩ් බදියුදින් ඇමාත්‍යවරයාගේ ප්‍රශ්න කර අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවත් එවැනි ක්‍රියාදාමයකින් පමණක් සැකසහිත කාරණයක් තිබේ නම් රැදවුම් නියෝගයක්, බැංකු ගිණුම් විමර්ශනය කිරීමේ නියෝගයක් ගැනීමේ හැකියාව පවතින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මීලඟ විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ අමාත්‍ය රාජිත සේනාරත් මහතාට බව එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.
 

More News..