brand logo

මීරිගම නගරයේ බැංකුවක් තාවකාලිකව වසා දමයි

15 January 2021

මීරිගම නගරයේ පිහිටි බැංකුවක් තාවකාලිකව වසා දැමීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැනුම් දී තිබේ. ඒ අදාළ බැංකුවේ සේවිකාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙනි. මේ හේතුවෙන් එම බැංකුවේ තවත් සේවක සේවිකාවන් 13දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ. එම බැංකුව විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.
 

More News..