brand logo

මීටියාගොඩ ඝාතනයට සම්බන්ධ මන්ත්‍රී සොයා පරීක්ෂණ

29 January 2021

    මීටියාගොඩ ඉන්ධන පිරවුම්හලක් අසල තරුණයෙක් කපාකොටා ඝාතනය' බටපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ සැලසුමක් මත සිදුකර ඇති බව අනාවරණය කරගෙන ඇත. අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ජනවාරි 25 වන දා' 24 හැවිරිදි ඉෂාන් තරිදු නැමති තරුණයා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම අපරාධය සඳහා යොදාගත් බව පැවසෙන කඩුවක්, මන්නා පිහි දෙකක් ඇතුළු ආයුධ කිහිපයක් හා යතුරුපැදි දෙකක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ සම්බන්ධ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරයි. මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති - 071 859 14 81 විශේෂ ඇමතුම් අංකය - 1997
 

More News..