brand logo

මීගොඩ ආර්ථිකේ ව්‍යාපාරිකයෙකු කොවිඩ්වලින් මරුට

12 November 2020

කොවිඩ් වෛරසය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් හිමිකරුවකු අද (12) උදෑසන මියගොස් ඇත. එච්. ඩී. එස් පුෂ්පකුමාර(44) නමැති මෙම ව්‍යාපාරිකයා හා පවුලේ අයට කොවිඩ් වැළදී රෝහල්ගත කළේ සති කීපයකට පෙරය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ ආශ්‍රිතයන්ගෙන් මෙම පිරිසට කොවිඩ් වැළදීමත් සමග ව්‍යාපාරික ස්ථානය වසා දමා පවුලේ අයව ස්වයං නිරෝධායනයට ලක් කර තිබිණි. ඉන් පසුව ව්‍යාපාරිකයගේ බිරියට හා දරුවන්ටද කොවිඩ් වැළදී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතළත් කර තිබිණි. කොවිඩ් ආසාදනය වීමෙත් සමග අයි. ඩි. එච්. රොහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ව්‍යාපාරිකයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත්තේ නිධන් ගත රෝග ද තිබූ නිසා බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය. ව්‍යාපාරිකයාගේ දේහය පිළිබඳ ආදාහන කටයතු අද සවස 3.00ට කොලොන්නාව පොදු සුසුන භූමියේදී සිදු කර ඇත.   තිස්ස රවින්ද්‍ර පෙරේරා  
 

More News..