brand logo

මීගොඩ ආර්ථිකයේ වෙළෙඳසැල් හිමියෙක්ට කොවිඩ්

21 October 2020

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක හිමිකරුවෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (21) හඳුනා ගෙන තිබේ. ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ එහි සේවකයින් 15 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බව වාර්තා වේ. ආසාදිත පුද්ගලයා වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර පසුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේ දී සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. එම පුද්ගලයා මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ද විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු අද සවස සිට යළි වෙළඳාම් කටයතු සදහා විවෘත කිරීමට අවසර ලබාදී ඇති අතර ආසාදිත ව්‍යාපාරිකයාට අයත් වෙළඳ මධ්‍යස්ථානය වසාදමා විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
 

More News..