brand logo

මීගමු පාරට හැමදාම රෝද දහයේ වාහන 50ක් - තදබදය වැඩිවෙයි

10 August 2019

කොළඹ නගරයේ කුණු පුත්තලම අරුවක්කාළු ප්‍රදේශයට බැහැර කිරීමට ගත් තීරණයත් සමග දෛනිකව මීගමුව පුත්තලම් මාර්ගයට රෝද දහයේ විශාල ප්‍රමාණයේ ලොරි රථ පනහක් පමණ එකතු වීමට පටන්ගෙන ඇත. එම හේතුවෙන් එකී මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසයි. දිනකට කොළඹ නගරයෙන් ටොන් පන්සියයක පමණ කුණු ප්‍රමාණයක් ඉවත් කරන අතර ඒවා ප්‍රවාහනයට ටොන් දහයේ (10) ලොරි 50 ක් පමණ යෙදවිය යුතුවේ. මෙම තත්ත්වය මත කොළඹ සිට මීගමුව දක්වා වූ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ ය. මීට පෙර යෝජනා වූයේ අරුවක්කාළු කසළ අංගණයට දුම්රිය මගින් කසළ ප්‍රවාහනය කිරීමටය. කෙසේ වෙතත් විශාල ලොරි රථ මගින් කුණු ප්‍රවාහනය කිරීම නිසා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමේදී එම රථවලට සාමාන්‍ය වේගයෙන් ගමන් කිරීමට සිදුවී ඇත. මෙම ප්‍රදේශයේ කර්මාන්තශාලා රැසක් මෙන්ම කටුනායක ගුවන්තොටුපොළ ද පිහිටා තිබෙන නිසා වාහන තදබදය වැඩිවීමට හේතු වී තිබේ. කොළඹ සිට අරුවක්කාළු දක්වා කිලෝ මීටර් 170 ක් දුරක් පවතියි. කලණ වීරසිංහ
 

More News..