brand logo

මීගමුව රෝහලට රෝගීන් ඇතුළු කර ගැනීම සහ පිටවීම තාවකාලිව අත්හිටුවයි

30 March 2020

මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු රෝගියකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ. එම රෝගියා රෝහලට ඇතුළත් කර ඇත්තේ පෞද්ගලික රෝහලක සිටය. ඔහුට කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි එම රෝහලෙන් මීගමුව මහ රෝහලට දැනුම් දී තිබේ. එම රෝගියා තමන්ට හෘදරෝගී තත්ත්වයක් ඇති බව පැවසීම නිසා මීගමුව රෝහල ඔහුව ඇතුළත් කර ඇත්තේ සාමාන්‍ය වාට්ටුවකටයි. පසුව එම රෝගියා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ අද දහවල් එහි නොසන්සුන් තත්වයක් හටගත්තේය. එම සිදුවීමත් සමග රෝහලේ කාර්යය මණ්ඩලය නොසන්සුන් වී ඇති අතර ඒ අනුව මීගමුව මහ රෝහලට රෝගීන් ඇතුල් කර ගැනීම සහ ඉන් පිටවීම තාවකාලිව අත්හිටුවීමට රෝහල් පරිපාලනය තීරණය කළේය.
 

More News..