brand logo

මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් අත්අඩංගුවට

07 July 2019

මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක සහ මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත. කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (07) දහවල් මීගමුව නගරයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළවයි මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අත්අඩංගුවට ගත් මීගමුව නගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 

More News..