brand logo

මීගමුව බන්ධනාගාරය සුද්ද කරන්න බලධාරීන් කල් මරද්දි තවත් හොද හොද සෙල්ලම් එලියට

18 May 2020

මීගමුව බන්ධනාගාරය තුල බන්ධනාගාර අධිකාරිවරයාගේ මැදිහත් වීම සහ අනුදැනුම මත සිදුවන ජාවාරම් පිළිබද අරුණ අප මීට දින කිහිපයකට පෙර අපගේ වෙබ් පිටුව මගින් අනාවරණ කළා.   සිරකරුවන් අසීමිත සැප පහසුකම් මුදලට ලබා දෙමින් කටයුතු කිරිම මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ට එරෙහි ප්‍රධාන චෝදනාවයි.   කෙසේවෙතත් තොරතුරු අනාවරණයෙන් පමණක් නොනැවතුන අප අදාල කරුණු සහ චෝදනා එල්ල වන පුද්ගලයින් සම්බන්ධයෙන් බලධාරින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද සොයා බැලීමක් කළා. මීගමුව බන්ධනාගාරය තුල තිබී මීට දින කිහිපයකට පෙර හමුවු ශීතකරණය සහ අනෙකුත් උපාංග බන්ධනාගාරයට තුලට ගියේ කෙසේදැයි සෙවීමට බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නිලධාරියෙකු පත්කොට ඇති අතර සතියක් ගත වී ඇතත් එහි ප්‍රථිපලයක් පෙනෙන්නට නොමැත. (මීගමුව බන්ධනාගාරය තුල තිබී අත්අඩංගුවට ගත් ශීතකරණය) මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන්ගෙන් නවතම තත්වය විමසීමට දින තුනක් තිස්සේ කිහිප විටක් උත්සහ ගත්තද සම්බන්ධ කර ගැනිමට නොහැකි විය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අදහස් විමසීමට ගත් උත්සාහයෙන් නොනැවතුන අප අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සම්බන්ධ කර ගැනිමට උත්සහ දැරුවේ මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග දැන ගැනිම පිණිසයි.   එහෙත් ඔහුගේ කාර්ය බහුලත්වය නිසා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේඛම් අකිල ගයාන් කෞෂල්‍යගෙන් අප මෙම මීගමුව බන්ධනාගාරය තුල ඇති වී තිඛෙන සිදුවීම් පිළිබදව අමාත්‍යවරයා දරන මතය සහ ගන්නා ලබන ක්‍රියාමාර්ග පිළිබද විමසා සිටියේය. අනතුරු ඔහු අමාත්‍යවරයාගෙන් විමසා බලා අරුණට පවසා සිටියේ අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේඛම්වරයා ඉවත් වීමට පෙර අතිරේක ලේඛම්වරුන් දෙදෙනෙකු ස්වාධීන අපක්ෂපාති පරීක්ෂණයක් සඳහා පත්කොට ඇති බවය. බන්ධනාගාරය සහ නීති කේෂ්ත්‍රය නියෝජනය කරමින් මෙම ලේකම්වරුන් පත්කොට ඇති බව වැඩිදුරටත් පැවසීය. කඩිනමින් විමර්ශන වාර්තාවක් ලබා ගැනිමට නියමිතව ඇති බවත් සතියක් හෝ දෙකක කාලයක් තුල විමර්ශන කටයුතු අවසන් කිරිමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය. (ඇමති නිමල් සිරිපාල / අමාත්‍යංශ ලේකම් / බන්ධනාගාර කොමසාරිස් )   එම විමර්ශන එසේ සිදුවෙමින් පවතින අවස්ථාවේදී බන්ධනාගාර පොලිසියට සහ මාධ්‍ය මගින් හෙලි කිරිම සම්බන්ධ නිර්නාමික දුරකතන ඇමතුම් රාශියක් ලැඛෙමින් පවතී. බන්ධනාගාර පොලිස් නිලධාරීන්ට වැටලීම් සිදුකළ නිසා එම දරු පවුල් විනාශ කොට දමන බවට ද තර්ජන එල්ල වෙමින් පවතින බව එහි සිටිනා පොලිස් පොඩ්ඩන් පවසයි.   එමෙන්ම මාධ්‍ය මගින් වාර්තාකිරිමට එරෙහිව දුරකතන ඇමතුම් ලබා දෙමින් පවසා සිටින්නේ අත්දෙක වෙන්කර ගැනිමට කැමතිනම් දගලන ලෙසයි. වැඩිදුරටත් ලැඛෙන නිර්නාමික දුරකතන ඇමතුම් මගින් පවසන්නේ මාධ්‍යවේදියා මිලට ගැනිම පිළිබද සාකච්ඡා මාර්ගයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි රටේ අනාගතය වෙනුවෙන් රට ඉදිරියට ගෙන යාමට නම් ඔඛේ සෙභාග්‍යයේ දැක්ම හී තිඛෙන පිරිදි දුෂිතයින් පලවා හැරිය යුතුය. ඒ දිනය වහා වහා එළඹෙන තුරු රටේ ජනතාව බලා සිටී.   මීගමුව බන්ධනාගාරයේ පසුගිය ලිපියෙන් අප තොරතුරු හෙළි කිරිමත් සමගම වක්කඩ කැඩුවාක් මෙන් තව තවත් නැවුම් තොරතුරු අප වෙත ගලා එමින් පවතී. මෙවර ලිපිය මගින් අප මොවුන් සිදුකරන වෙනස්ම වු දුෂණ ක්‍රියාවන් කිහිපයක් පිළිබද අනවරණය කිරිමට අපේක්ෂා කරයි. බන්ධනාගාරය තුල සිටින දහසක් පමණ වන රැදවියන්ගේ ආහාර පාන සඳහා රජය විශාල මුදලක් වැය කරයි. කෙසේවෙතත් ඔවුන්ට ලබා දෙන හාල් ඇටයේ සිට වංචා කිරිමට මීගමුව බන්ධනාගාරයේ ප්‍රධානියා කටයුතු කර ඇති බවට තොරතුරු පවතී.   ශ්‍රී ලංකා බන්ධනාගාරයට ආහාර ද්‍රව්‍ය ලබා ගැනිමට  නිසි ක්‍රමවේදයක් පවතී. ටෙන්ඩර් ක්‍රමයට අනුව එම ක්‍රියාවලිය සිදුවන බව අප කවුරුත් දන්නා කරුණකි. බන්ධනාගාරයට ආහාර ද්‍රව්‍ය ඇනවුම් කිරිමට වෙනම අංශයක් බන්ධනාගාරය තුල සිටී. එම අංශය මගින් මුලුතැන්ගෙය ගබඩාව සමග එක්ව වියලි ආහාර ඇනවුම් කිරිම සිදු කරනු ලබයි. (මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ද සම්පායෝ) මෙහි සේවය කරුණු ලැබුවේ කිත්සිරි නැමති නිලධාරියෙකි. ඔහු අවංකව සිය රාජකාරිය ඉටු කිරිම නිසාවෙන් අධිකාරිවරයාගේ උවමනාවන් ඉටු නොවීම මත ඔහුට ස්ථාන මාරුවක් ලබා දී අදාල සේවය සඳහා පත් කරගෙන ඇත්තේ මයුර නොහොත් සුපර් මෑන් යන අන්වර්ථ නාමයෙන් හදුන්වන නිලධාරියෙකි. ඒ වෙන කිසිවකටත් නොව මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ අවශ්‍යතා ඉටු කර ගැනිමට බව බොහෝ දෙනෙකු දක්වා කරුණකි. මෙම වට්ටෝරු අංශයේ වියලි ආහාර ලබා ගැනිමට නම් නිලධාරින් මාරු කිරිමේ ක්‍රමවේදයක් පවතින බව බන්ධනාගාර නිලධාරින් පවසයි. එහෙත් සිදුව ඇත්තේ වෙනත් ක්‍රමවේදයකි. උදාහරණයක් ගත් විට හාල් කිලෝ 5000 ක් ඇනවුම් කළ විට තොග ඉතිරි කර ගැනිමේ ක්‍රමවේදයක් මොවුන් සකසා ගෙන තිඛේ. රැඳවියන්ට දවල් ආහාරයට හාල් ග්‍රෑම් 225 ක් සහ රාත්‍රියට ග්‍රෑම් 170 ක් ලබා දිය යුත වේ. එහෙත් මේ දිනවල හාල් මනිනු ලබන්නේ 170 කෝප්පයෙන් පමණි. පසුගිය කාලයේදී ද එසේ සිදුවී ඇති බව තහවුරු වී ඇත. මොනයම් හේතුවෙන් මත සහල් ඉතුරු කර ගනු ලබන්නේ සිරකරුවන්ගේ හෝ රජයේ යහපත වෙනුවෙන් නොවන බව සිදුව ඇති ක්‍රියාවන් අනුව පෙනී යයි. මෙලෙස ඉතිරි කරගන්නා හාල් පොල් සැගවීමට කාන්තා නිල නිවාසය අසල රහසිගත කාමරයක් යොදා ගනෙ ඇත. ඉන් අනතුරු බන්ධනාගාරය තුලට පැමිණෙන ලොරි රථ මගින් මෙම භාණ්ඩ පිටත් කර හරින්නේ කොහේටදැයි කිසිවකු දන්නේ නැත. බන්ධනාගාරය තුල එක්රැස් වන කුනු රැගෙන යන අතරම ගම්මිරිස් සහ මිරිස්ක-=ඩු ද අතුරුදන් වන්නේ ඒවාද කුනු ලෙස සළකන නිසාදැයි නිලධාරින් විමසා සිටී. කෙසේවෙතත් මේ පිළිබද නිලදාරින්ට කතා කළ නොහැක එසේ වුවහොත් සිදුවන්නේ බන්ධනාගාරයේ වැසිකිලිය මුර කිරිමට යෙදවීමයි. ශ්‍රී ලංකා බන්ධනාගාරය තුල සේවය කරන උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති නිලධාරීන්ට කුඩම්මාගේ සැලකිලි ලැඛෙන එම නිලධාරින් ප්‍රසිද්ධියේම පවසයි. උපාධි කිහිපයක් අතැතිව බන්ධනාගාර ජේලර් නිලධාරියෙකු වු කනිෂ්ක මීගමුව බන්ධනාගාරයේ සේවයට පැමිණෙන්නේ අකුරට මත රාජකාරිය ඉටු කිරිමටයි. එහෙත් ඔහුගේ රාජකාරි දිවිය අපායක් බවට පත් වන්නේ ඔහු දෙකේ වාට්ටුවේ ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගැනිමයි. අනුරුද්ධ සම්පායෝ බන්ධනාගාර අධිකාරිවරයා ඔහුගේ දුෂණ ක්‍රියාවන්ට බාධා කරන අවංක නිලධාරින්ට සැමදා සිදුවන්නේ මෙවැනි ඉරණමකි. මෙම බන්ධනාගාරයේ රාජකාරි සඳහා නිලධාරින් යොමු කරන අංශයේ නිලධාරියා මුලු බන්ධනාගාරයේම නිලධාරින් නිලධාරිණියන් බියකරවා ගෙන ඇති බව වාර්තා වෙයි.   ඔහුගේ අනියම් බිරිඳ ද මෙම බන්ධනාගාරයේම සේවය කරන අතර ඔහුට හිතැති සහ සිරකරුවන්ගේ අවශ්‍යතා මත නිලධාරින් යෙදවීම මුදලට සිදුවන්නේ බන්ධනාගාර අධිකාරිවරයාගේ අවශ්‍යතාව මතයි. බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය විසිකිරිම බන්ධනාගාර භාෂාවෙන් නම් බෝල ගැසීමට බෝට්ටු මංජු නැමති බන්ධනාගරයෙක් පිටත පුද්ගලයෙකු සැදි පැහැදි සිටි. මීට අමතරව රද්දොලුගම ජා ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකාරිනියක් නිතර නිතර බන්ධනාගාරය තුලට පැමිණිම ද සුලු කොට තැකිය නොහැකිය. ඇය මීට පෙර බන්ධනාගාර ගතව සිටි කාන්තාවකි. එම සම්බාහන ආයතනයේ මැඩම් එන විට බන්ධනාගාර නිලධාරින්ට ඇයට සැලියුට් ගැසිමට සිදුව ඇති බන්ධනාගාර අධිකාරි සම්පායෝගේ බලය නිසාවෙනි. ඇයගේ දඩයම කුමක්දැයි ලංකාවේ ප්‍රසිද්ධ වු කොල්ලුපිටියේ මැඩම්ගේ තතු දන්නො දනිති. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් බන්ධනාගාර පොලිසිය විසින් නිහඩව සිට ඇත්තේ ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට ඇති ඉඩකඩ අහුරා තිබුම නිසා බව එහි නිලධාරින් පවසන්නේ සංවේගයෙනි. කෙසේවෙතත් ජන ජනාධිපතිවරයා පත්වීමත් සමග ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් නැවතත් මානසික පීඩනයකින් තොරව සිය රාජකාරි සිදු කිරිමට හැකිව ඇති බව ඔවුන් පවසයි. දුෂණයෙන් තොර බන්ධනාගාර පද්ධතියක් බිහි කිරිම ඔවුන්ගේ ඒකායන පරමාර්ථයයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින කොස්ගොඩ තාරක විසින් හෙරොයින් කිලෝ 225 ක් මෙරටට ගෙන්වා ඇත්තේ ජංගම දුරකතන උපයේගි කොටගෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමිනි. ඊයේ ඔහුගේ සිරමැදිරිය තුලින් ත්‍රී ජී වර්ගයේ දුරකතන සහ සාමාන්‍ය දුරකතන දෙකක් බන්ධනාගාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව තාරක නැමැත්තා කලුතර බන්ධනාගාරයට මාරු කිරිමට ද පියවර ගැනුනා. එසේ මාරු කරන අවස්ථාවේ කොස්ගොඩ තාරක විසින් එතැන සිටි බන්ධනාගාර ඉහළ නිලධාරින්ට බැන වැදී ඇත්තේ තමන්ගෙන් ලබා ගත් උදව් පදව්ද මතක් කර දෙමිනි. එවැනි ස්ථානයක සේවය කරන නිලදාරියෙකු මීගමුව වැනි බන්ධනාගාරයක විමර්ශන සඳහා යෙදවීම කෙතරම් සාර්ථකදැයි නිලධාරින් විමසයි. කෙසේවෙතත් බන්ධනාගාර සේවයේ සිටිනා අවංක නිලදාරින් මේ සියලු දේ ගැන විමසිල්ලෙන් බලා සිටින්නේ මෙසේ ගියහොත් නිල ඇදුමක් ඇඳගෙන පාරේ යාමට නොහැකි තත්වයක් උදාවන නිසාවෙනි. විමර්ශනයට පැමිණෙන ඔ්නෑම නිලධාරියෙකුට රහසිගතව සාක්ෂි ලබා දීමට ඔ්නෑ තරම් නිලධාරින් සැදි පැහැදි සිටි. තවත් විස්තර සහිත ලිපියකින් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමු ගැනිම සටහන් කරමි. (බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ) සැලකිය යුතුයි - මීගමුව බන්ධනාගාරය තුලට ශිතකරණයක් ගෙන ඒම පිළිබද මේ දිනවල විමර්ශනයක් සිදුකරමින් පවතී. එම ශීතකරනය ඇතුලට රැගෙන ආවේ කෙසේදැයි සොයා ගැනිමට නම්  මෙම මස 06 / 07 / 08 යන දින තුනේ බන්ධනාගාරයේ සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරිම පරීක්ෂණ කටයුතුවලට මනා පිටුවහලක් වෙයි. එය බන්ධනාගාරයට රැගෙන ඒම සඳහා කුලසංහ ඇතුලු තවත් රැදවියන් තුන් දෙනෙක කලුඅග්ගල මහතා සමග ඉතා කැපවීමෙන් සහය දී ඇති බව ඇදින් දුටුවෝ පවසති. අනත-=රක් සිදුවු විට සී සී ටී වී දර්ශන මැකී යන කාලයක මෙහි සී සී ටී වී දර්ශන මැකියාමක් සිදුවුවහොත් අප සැලකිය යුත්තේ ඉදිරියට යමින් සිටින රට වලපල්ලට ඇද දැමීමට කටයුතු කරනා දුෂිත පුද්ගලයින් තවමත් රජ කරන බවයි. ශීතකරණය බන්ධනාගාරය තුලට රැගෙන ආ දිනයේ ලොග් සටහනක් යොදා ප්‍රධාන ජේලර්වරයා අත්සන් යොදා සම්පුර්ණ කොට ඇත. එහි පිටතකින් භාණ්ඩ රැගෙන එනවා නම් එය සටහන් කිරිමට වෙනමම තීරුවක් ඇත. එම තීරුව මත පෑනෙන් යම් සලකුණක් තබා සම්පුර්ණ වී හමාරය. එහෙත් හොට පැටලී ඇති නිලධාරීන් එය ටිපෙස් යොදා මකාදැමීමෙන් අනතුරුව ශීතකරණයේ නීති්‍යාණුකුල භාවය පෙන්වීමට නැවතත් සටහනක් යොදා ඇති බව වාර්තා වෙයි. එය ගැන අවධානය යොමු කිරිමට අමතක වුවහොත් මතක් කර දීම අප සතු වගකිමකි.     ගවේෂණය සහ වාර්තා කරණය හේමන්ත ලියනපතිරණ
 

More News..