මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් ගෙල වැළලාගනී
26 June 2019
මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් ගෙල වැළලාගනී
26 June 2019
මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව පොලීසිය පවසයි.
මීගමුව පොලීසිය පැවසුවේ අද අළුයම මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකු එහි වැසිකිළියක් තුළ ගෙල වැළලාගෙන ඇති බවයි.
මෙලෙස සියදිවි හානි කර ගෙන තිබෙන්නේ වයස අවුරුදු 40ක් පමණ වන පුද්ගලයෙක් විසිනි.
මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් මොහු පසුගිය 21 වැනිදා අධිකරණය විසින් බන්ධනාගාර ගත කෙරිණි.
මේ සම්බන්ධව මීගමුව බන්ධනාගාර නිලධාරීන් විසින් මීගමුව පොලීසියට පැමිණිලි කර තිබේ.