brand logo

මීගමුවේ රෝහලකින් බෙහෙත් ගත්ත ලෙඩාට කොරෝනා

09 October 2020

මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කරයි. මෙම පුද්ගලයා උණ රෝගයෙන් පෙළීම නිසා ඉකුත් 06 වෙනිදා මීගමුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට පැමිණ ප්‍රතිකාර ලබා ගෙන ඇත. එහිදී ඔහු PCR පරික්ෂණයක් සිදුකොට ඇති අතර එහි ප්‍රතිඵලය අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 56 හැවිරිදි වියේ පසුවන මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත මහතා සඳහන් කරයි. මෙම පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා හෙළිවී නොමැති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිතුමා සඳහන් කරයි. මේ වන විට ප්‍රතිකාර ගැනීමට පැමිණි මීගමුවේ පෞද්ගලික රෝහල විෂබීජහරණය කොට පැය 48ක කාලයක් සඳහා වසා දමා ඇති අතර සේවකයින් පිරිසක්ද ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත. මීගමුව නගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 06 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් සිව්දෙනෙක් මීගමුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අය වේ සෙසු රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙක් 72 හැවිරිදි වියේ පසුවන වන අතර අනෙක් පුද්ගලයා අද(09)හඳුනා ගත් ආසාදිතයා වෙයි.
 

More News..