brand logo

මීගමුවේ රැඳවූවන්ට බන්ධනාගාර නිලධාරීන් සමග තිබූ සබඳතා හෙළිවෙයි

15 June 2020

මීගමුව බන්ධනාගාරයේ රැඳවියක සතුව තිබී සොයාගත් ජංගම දුරකථනයක් පරීක්ෂා කිරීමේදී ඇය බන්ධනාගාර නිලධාරිනියකට ඇමතුම් ලබාගෙන තිබෙන බව අනාවරණය වී ඇත. තවත් රැඳවූවන්ට ජංගම දුරකථනයක බන්ධනාගාරයේ උසස් නිලධාරීන් දෙදෙනකුගේ ඡායාරූප තිබී ඇත. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මෙම රැඳවිය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. රැඳවිය බන්ධනාගාරයේ සිට මනුෂ්‍ය ඝාතනයකට සැලසුම් කර ඇති බවට ​කොටදෙණියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. බන්ධනාගාර නිලධාරියෙක් මීට සම්බන්ධව ඇති බවද පැමිණිල්ලේ සඳහන්ය. බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශ මගින් පසුගියදා මීගමුව බන්ධනාගාරයේ කළ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 61ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබුණි. මෙම දුරකථනද ඒවා අතර තිබී ඇත. මේ අතර මීගමුව බන්ධනාගරයේ සිර මැදිරියක් තුළ තිබී ශීතකරණ, විදුලි උඳුන් හමුවීමේ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ සම්බන්ධව එම නිලධාරීන් මීගමුව බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. හේමන්ත ලියනපතිරණ
 

More News..