brand logo

මිශ්‍ර කසළ බාර ගැනීම නවතී

22 January 2021

නිවෙස් වලින් බැහැරලන මිශ්‍ර කසළ ඉඳුල් සහ පොලිතීන් ලෙස 100% ක් වෙන් කර නොමැති නම් එය බාර නොගන්නා ලෙස පළාත් පාලන ආයතන සේවක කණ්ඩායම් වලට දැඩිව උපදෙස් ලබා දී ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා අද (22) පැවසීය. ඉඳුල් සහ පොලිතීන් ලෙස වෙන් කර පළාත් පාලන අයතන කසළ එකතුකරන්නන් වෙත ලබා දීමට නොහැකි නම් එකී කසළ සඳහා සිය නිවෙස් තුළම විසඳුමක් සොයා ගන්නා ලෙස බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය අධ්‍යක්ෂකවරයා පවසයි. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරිය වන ඒ.ඒ.එස් සදිකා මහත්මිය,බස්නාහිර පළාත් කොමසාරිස් ඒ.ඩී.අයි.පී ප්‍රසන්න,බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සභාපති සමිල හේරත් සහ තමා ඇතුළු නිලධාරීන් ගනු ලැබූ තීරණයකට අනුව මෙම ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය. කරදියාන කසළ අංගනය කසළ මුදාහැරීමේ උපරිමයට පැමිණීම හේතුවෙන් එකී කසල අංගනයට පළාත් පාලන ආයතන හතක කසළ බැහැරලීම නවතා ඇත. එම කසළ කෙරවලපිටිය ව්‍යාපෘතියට යැවීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ ඒ මහතා එකී පියවර ද මිශ්‍ර කසළ හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කරයි
 

More News..