brand logo

මිලේනියම් සිටි බුද්ධි අංශ බලකාය වැටලීමට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 26දා

25 November 2019

2002 වසරේ අතුරුගිරිය ,මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුල රහසිගත ආකාරයෙන් පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවාසයක් වැටලීම මගින් ආරක්ෂාව අනතුරේ හෙලා රටේ ස්ථාවරත්වයට හානි කළේ යැයි චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ඊයේ (25) නියම කරන ලදී. මෙම නඩුව ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේදී ලිපිකාර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 26 වනදා සිදු කරන බව නියෝග කළේය. 2002 වසරේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවස්නයක් වැටලීම තුළින් රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලා රටේ ස්ථාවරත්වයට හානි කිරීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..