brand logo

මිලියන 7ක් වටින කේරළ ගංජා කිලෝ 68ක් මරාදානේ ජීප් රථයක

14 February 2019

කේරල ගංජා සමග මරදාන මගී ගුවන් පාලම ආසන්නයේදී අනතුරකට ලක් වූ ජීප් රථයේ හිමිකාරියගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ ජීප් රථයේ හිමිකාරිය මැදපෙරදිග සේවය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. ඇයට අයත් මෙම වාහනය කුලී පදනම මත බම්බලපිටිය හෝටලයකට ලබා දී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අදාළ වාහනයේ හිමිකාරිණිය විදෙස් ගතව ඇති බැවින්, එහි භාරකරු ලෙස කටයුතු කරන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයායි. කුලී පදනම මත අදාළ ජීප් රථය ලබා ගෙන ඇති පුද්ගලයින් එය කේරල ගංජා ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට සැකකරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන්, විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. අද අලුයම මරදාන මගී ගුවන් පාලමේ ගැටුණු ජීප් රථයේ තිබී සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 68 කට අධිකයි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වනවා. එම කේරල ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත බව ද පොලීසිය ප්‍රකාශ කළා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
 

More News..