brand logo

මිලියන 23ක් වටිනා කේරල ගංජා කිලෝ 153ක් සමඟ අයෙක් අත්අඩංගුවට

20 December 2018

කිලිනොච්චිය ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ කේරල ගංජා කිලෝග්‍රෑම් 153ක් තිබී ඇති අතර එහි වටිනාකම මිලියන 23ක් වන බවට පොලිසිය සඳහන් කරයි. සැකකරු වයස අවුරුදු 32ක් වූ කිලිනොච්චියේ, මරදනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. පොලිස් විශේෂ කාර්යය බලකා මුලතිව් සහ කිලිනොච්චිය කදවුරුවල නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරු සන්තකයේ තිබී රුපියල් නව ලක්ෂ අසුහත්දහස් හත්සීයක මුදලක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය පොලිසියට බාර දීමට නියමිතය.
 

More News..