brand logo

මිලියන 15ක් ෆේස්බුක් අත්හරී

08 March 2019

ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සදහා එම සමාගම අපොහොසත්වීම හේතුවෙන් ඇමෙරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ‌මේ වන විට එම සමාජජාල වෙබ් අඩවියෙන් ඉවත්වෙමින් තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ ඇමෙරිකාවේ පමණක් මිලියන 15ක පිරිසක් ෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති බවට වාර්තා වනවා. යුරෝපයේ ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියනයක පමණ පිරිසක් ඉන් ඉවත්ව තිබෙනවා. මෙලෙස ෆේස්බුක් ගිණුම් අත්හිටවූ බොහෝ පිරිසක් වයස අවුරුදු 12ත් 34ත් වනවා. සිය පුද්ගලිකත්වය පිළිබදව වඩාත් සැලකිලිමත් වන බව මෙම සිදුවීමෙන් හොදින් අනාවරණය වනවා. 2016 වසරේදී පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී එරට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සදහා ෆේස්බුක් භාවිතා කළ ඇමෙරිකානුවන් මිලියන 50කගේ අතිශය සංවේදී දත්ත එම දත්ත හිමිකරුවන්ගේ නිසි අවසරයකින් තොරව භාවිතා කළ බවට 2018 වසරේදී චෝදනා එල්ල වුණා. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙකු වන ඇලෙක්සැන්ඩර් කෝගන් විසින් නිර්මාණය කළ නම් ජංගම දුරකතන යෙදවුම හරහා මෙලෙස ෆේස්බුක් සමාගමේ දත්ත අවසරයකින් තොරව එකතු කරගෙන ඇති අතර ඒ හරහා ඇමරිකානුවන් මිලියන 50කගේ පෞද්ගලික දත්ත ලබාගෙන ඒ හරහා ඔවුන්ගේ පෞර්ශ ලක්ෂණයන් පිළිබඳව කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් සමාගමක් හරහා විශේෂ විමර්ශණයක් සිදුකර ඒ ඒ පුද්ගල පෞර්ශයන්ට ගැලපෙන පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් සකස් කල බවට එහිදී අනාවරණය වී තිබෙනවා. එය හෙළිදරව්වීමත් සමග අවස්ථා කිහිපයකදීම ෆේස්බුක් සමාගම සිය පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීම සදහා ප්‍රමාණවත් උත්සාහයක් දරා නොමැති බවට තහවුරු වුණා. අමරිකානුවන් සහ යුරෝපීයයන් සිය පුද්ගලික දත්ත වල ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වනු ලබනවා. ආසියානු සහ අප්‍රිකානු රටවල තරුණ තරුණියන් සිය පෞද්ගලික දත්තවල ඇති වැදගත්කම පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති අතර, මෙම කලාපවල ෆේස්බුක් වෙබ් අඩවි පරිශීලකයින්ගේ වර්ධනයක් පවතින බවට තොරතුරු අනාවරණය වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆේස්බුක් සමාගමේ කොටස් ඉතාමත් සීග්‍රයෙන් පහත වැටී ඇති බවයි ඇමෙරිකානු වාර්තා පෙන්වා දෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 71 වූ මාර්ක් සකර්බර්ග් ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන62.3කින් හෙවත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන නමයකින් පහත වැටී ඇති බව ලොව ප්‍රකට ෆෝබ්ස් සගරාව පසුගිය දිනවල වාර්තා කළා.
 

More News..