brand logo

මිලියන 14කට අධික වටිනාකමින් යුත් මත්පෙති සමඟ අයෙක් මාට්ටු

10 July 2019

රුපියල් මිලියන 14කට අධික වටිනාකමින් යුත් එක්ස්ට්‍රසි වර්ගයේ මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන ඇත. බෙල්ජියමේ සිට මෙම මත්පෙති තොගය එවා ඇත්තේ පා සම්භාහන උපකරණයක් තුළ සඟවාගෙන බව රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා ප්‍රකාශ කළ අතර තැපැල් මාර්ගයෙන් ලැබුණු එම පාර්සලය භාර ගැනීමට ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණි 25 හැවිරිදි පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබී සොයා ගත් මත්පෙති ප්‍රමාණය 2952කි.
 

More News..