brand logo

මිලියන 12ක මුදල් වංචා කළ ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරවරයෙකුට වසර 37ක් සිරදඬුවම්

02 April 2019

රුපියල් මිලියන 12ක මුදල් වංචා කළ ජල සම්පාධන මණ්ඩලයේ කැලණිය කාර්යාලයේ හිටපු ගණකාධිකාරවරයෙකුට වසර 37ක සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වෙයි. අද දින එම සැකකරුව කොළඹ මහාධිකරණ විනිසුරු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුට රුපියල් ලක්ෂ 40ක දඩයක් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ 130ක වන්දියක් ගෙවන ලෙසට ද නියම කර ඇත. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයේ 2005 වසරේදී ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ ආනන්ද මාබෝල නැමති මොහු එහි කළමනාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් එම මණ්ඩලයට අයත් චෙක්පත් 57කින් රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වෙයි.
 

More News..