brand logo

මිලියන ගණනක අයිස් සමග තිදෙනෙක් කොටුවෙයි

05 February 2022

වැඩිදුර විමර්ශන මන්නාරම පොලිසිය මගින්

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඊ‍යේ (04දා) සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ එකයි  ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු යතුරු පැදියක් පරීක්‍ෂාවට ලක් කිරීමේ දී, එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා විසින් සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබියදීයි මෙම මත්ද්‍රව්‍ය සොයාගනු ලැබුවේ. එම සැකකරුවන් දෙදෙනාගෙන් ලද වැඩි දුර තොරතුරු මත ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු සහ ත්‍රී  රෝද රථයක් අත්අඩංගුවට  ගැනීමට සමත් වුණා. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ  වටිනාකම රුපියල් මිලියන 08කට අධික බවයි විශ්වාස කෙරෙන්නේ. සැකකරුවන් වසය අවුරුදු 21ත් 39ත් අතර පසුවන මන්නාරම සහ පේසාලේ ප්‍රදේශයන්හි  පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මන්නාරම පොලිසිය මගින් ක්‍රියාත්මකයි.  
 

More News..