brand logo

මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු

26 September 2019

රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මන්නාරම, මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ තිරුකේතීෂ්වරන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම ත්‍රිරෝද රථයෙන් තිරුකේතිෂ්වරන් ප්‍රදේශයට යමින් සිටියදී එම රථය මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 230 ක් සොයාගෙන ඇත.
 

More News..