brand logo

මිරිහාන රැඳවුම් කඳවුරේ විදේශිකයින් සතුව තිබී ජංගම දුරකථන ලැප්ටොප් අත්අඩංගුවට

05 December 2019

ආගමන විගමන නීති උල්ලංගන කරමින් මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් විදේශිකයන් රඳවා ඇති කොළඹ මිරිහාන ප්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ අද (05) විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත. එම සෝදිසි මෙහෙයුමේදී නීතී විරෝධි ලෙස ළඟ තබාගෙන තිබූ ජංගම දුරකතන 75 ක් ලැප්ටොප් පරිගණක 5 ක් මුදල් රුපියල් එක් ලක්ෂ පනස්හය දහසක් පොලිස් භාරයටගෙන තිබේ. මෙම විදේශිකයින් පිළිබඳ ලැබුණු තොරතුරක් මත මිරිහාන මූලස්ථාන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ආගමන විගමන නිරීක්ෂණ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 40 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. මෙම රැඳවුම් මධ්‍යාස්ථානයේ විදේශිකයන් 118දෙනෙක් සිටින බවත් එයින් 55දෙනෙකු නයිජීරියන් ජාතිකයන් වේ.
 

More News..